ඔබගේ ලිෆ්ට් ඇප් එකට ලොග් වන්න. ඔබ සිටින ස්ථානය අනුව කොළඹ නගරය පුරා සිටින 10,000කට අධික රියදුරන් සංඛ්‍යාවක් සමග ඔබ ක්ෂණිකව සම්බන්ධව වනු ඇත.
ඔබට අවශ්‍ය ත්‍රීරෝද රථයක්ද; මිනි කාර් එකක්ද; සුඛෝපභෝගී කාර් එකක්ද; නැතිනම් වෑන් රථයක් ද යන්න තෝරන්න.
අපගේ ස්මාර්ට් තාක්ෂණය මගින් ඔබව ළඟම සිටින ලිෆ්ට් රියදුරාට සම්බන්ධ කෙරේ.
කාර්යක්ෂමව සහ බාධාවකින් තොරව ඔබගේ ගමනාන්තයට ඔබ ළඟා වන බව සහතිකයි. දැන්ම රියදුරෙකු තෝරාගෙන ඔබට අවශ්‍ය ස්ථානය/ස්ථාන වෙත යාමට සූදානම් වන්න.
ලිෆ්ට් ජංගම යෙදුම දැන් Android සහ iOS ජංගම උපාංග සඳහා ලබා ගත හැක. Play Store හෝ Apple App Store වෙත ගොස් ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයට ජංගම යෙදුම ඩවුන්ලෝඩ් කරගන්න. ඔබ කැමති ගමනාන්තයට සුව පහසු ගමනක් යෑමට ඔබට කිරීමට ඇත්තේ ක්ලික් කිරීම් කිහිපයක් පමණි. ක්ලික් - බුක් - රයිඩ්
මනාව නඩත්තු කරන ලද වාහන සහ උසස් ම ප්‍රමිතියෙන් යුතු ඉන්ටීරියර් සහිත වාහනයක සුවසේ ගමනක් යන්න දැන් කදිම අවස්ථාවක්.
මතකයේ රැඳෙන තෘප්තිමත් භාවය සහ සුවපහසුව සමගින් කිසිදා අත් නොවිඳි සේවාවක් සහතිකයි.
උසස් පාරිභෝගික සේවාව මෙන්ම ආරක්‍ෂිත රියදුරු දැනුම සමගින් බලපත්‍රලාභී, ලියාපදිංචි කළ, කුසලතා සහිත, ප්‍රියමනාප රියදුරන්

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් වන ලිෆ්ට් , මෙරට ජනතාවගේ ගමනාගමන අවශ්‍යතා මැනවින් සපුරාලයි. මෙරට රියදුරන්ගේ කුසලතා සහ දැනුම වැඩිදියුණු කිරීම හරහා දේශීය රියදුරන්ටත්, මගීන්ටත්, ප්‍රජාවටත් සහයෝගය ලබාදෙන ලිෆ්ට් , නවෝත්පාදනය හරහා ශ්‍රී ලාංකේය මාතාව සවිබලගන්වයි.